රනිල් ඝාතන කුමන්ත්‍රණයක් ගැන වජිරගෙන් ඉඟියක්

 

නිදහසින් පසු මෙරට දේශපාලන නායකයින් 125 දෙනෙකු පමණ වරින් වර ඝාතනය වූ බවත්, එම ඝාතන කළ තුවක්කුකරුවන් හසු වුව ද , ඒවා මෙහෙය වූ බලවේග හෙළි නොවූ බවත්, ජනාධිපති උපදේශක,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන වර්ජන ද මෙහෙයවන්නේ විදෙස් හස්තයක් විසින් බවත්, කේ ඩී ලාල් කාන්ත මහතා එය තේරුම් ගෙන ඇති බවත්, ඔහු නිවැරදි බවත්, අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා කීවේ , 2001 ආණ්ඩුව පෙරළීම, 2004 එජාප ආණ්ඩුව පෙරළීම , දින 53 ආණ්ඩුව , පාස්කු බෝම්බ ප්‍රහාර සහ ගෝටාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම ආදී බොහෝ සිදුවීම් පිටුපස සිට මෙහෙයවන ලද්දේ විදේශ බලවේග විසින් බවයි.

රාජ්‍ය නායකයින් ඝාතන කුමන්ත්‍රණ ගැන අබේවර්ධන මහතා මේ මොහොතේ කතා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කරවීමේ කුමන්ත්‍රණයක් ගැන ඉඟියක් දෙමින් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

වජිර අබේවර්ධන මහතා එජාප ආධරකරුවන් පිරිසක් සමග පවසා ඇත්තේ කිසිදු නායකයකුට ශ්‍රී ලංකාව ගොඩ නගනට ඉඩ නොදෙන ජාත්‍යන්තර බලවේග මෙරට තුළ ක්‍රියාත්මක බවයි. බණ්ඩාරනායක, ලලිත්, ගාමිණී, ප්‍රේමදාස ඝාතන පිටුපසින් සිටින්නේ ද ,පාස්කු ප්‍රහාරය පිටුපස සිට ක්‍රියාත්මක කළේ ද එකම බලවේගයක් බව ඒ මහතා කියා ඇත. ඒ මහතා කියා ඇත්තේ මෙම බලවේග හැමවිටම කරන්නේ රටේ තත්ත්වය අවුල් කිරීම බව යි.

රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ දමන්නට හදන විට ඔහුට ද ඉඩ නොදෙනු ඇතැයි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *