ජනපතිගෙන් බුරුලක් නැහැ ; ර්වජනයට මුහුණ දෙන්න රජය සුදානමින් !

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඩ ර්වජන මෙහෙයවන සංවිධන අද බලාපොරොත්තු වූ ප්‍රකාශය මෙතෙක් සිදු කොට නැති අතර ර්වජනයට මුහුණ දීමට දැඩි පියවර ගැනීමට රජය සුදානම් වන බව වෘත්තීය සමිතිවලට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ කැඳවා තිබු සාකච්ඡාවට ජනාධිපතිතුමා සහභාගී වී නැත. අද දහවල් වන විට ජනාධිපතිතුමා ප්‍රකාශයක්  කරනු ඇතැයි එහි දී ප්‍රකාශ වී ඇතත්, එබඳු ප්‍රකාශයක් ද සිදුකොට නැත.

දුම්රිය, තැපැල් , වරාය ඇතුළු බොහෝ සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කොට ඇති අතර එම ආයතනවල නිවාඩු අවලංගු කොට තිබේ.

මේ අතර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ රවී කුමුදෙස් මහතා අද ප්‍රකාශ කළේ රෝහල් වැඩට හමුදාව මැදිහත් කළ හොත් වැඩ වර්ජනය දිගට ම පවත්වාගෙන යන බව යි.

කෙසේ වෙතත්, අඛණ්ඩ වැඩ ර්වජනයක් ලෙස මුලින් කැඳවා තිබුන ද මේ වනවිට එය එක් දින ර්වජනයකට  සීමා වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *