ර්වජන , විරෝධතා අදින් අවසන් වෙයි ?

ප්‍රකාශයට පත් කොට ඇති සියලු ර්වජන සහ විරෝධතා ක්‍රියා මාර් ග අද සවස අවසන් කිරීමට හැකි වනු ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වෘත්තීය සමිති නිවොජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කරන ප්‍රකාශයකින් පසුව ර්වජන  අවසන් කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මේ අතර හෙට ර්වජන කරන බව ප්‍රකාශ කොට ඇති ඇතැම් වෘත්තීය සමිති ඒ සඳහා තම සාමාජිකයින් සුදානම් කොට නැති බව ද දැනගන්නට ඇත.

ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල් කාන්ත මහතා ඊයේ ප්‍රකශ කළේ 15 දා ර්වජනයට සහය දෙන නමුත් දිගු කාලීන වැඩ ර්වජනයකට මෙය වෙලාව නොවන බව යි.

විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වැඩ ර්වජනවලට තමන් එකඟ නැති බව ඒ මහතා කී ය.

මෙම විරෝධතාවල ප්‍රධාන ප්‍රශ්නය කරගෙන ඇති බදු ප්‍රශ්නය තමන්ට අදාළ නැති බව ඇතැම් සේවකයින් ප්‍රකාශ කරන බව ද ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *