වරාය වෘත්තීය සමිති නායකයා බොරු කියා මාට්ටු

තමන්ගේ වැටුප සහ බදු ගැන බොරු කියන්නට ගිය වරයා වෘත්තීය සමිති නායකයකුට සමාජ මධ්‍යයේ දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්වන්නට සිදුව ඇත.

මේ කතාව කියා ඇත්තේ වරයා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාන යි.

තම වැටුප 120,200ක් බව කියන ඔහු ණය හතරක් ගෙවන බවත්, බදු කපුනහොත් රුපියල් 2000 ක් බැංකුවට අතින් ගෙවන්නට සිදුවන බවත් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් 120,200 ක් වැටුපකට බදු කැපෙන්නේ රුපියල් 1,212 ක් පමණකි.

එමෙන් ම වැටුපෙන් සියයට 50 කට වඩා කැපෙන්නට ඔහු ණය ගත්තේ කෙසේදැයි ප්‍රශ්නයකි

 

මගේ පඩිය 120,200යි.. ණය හතරත් ගෙවනවා.. බද්ද කැපුනොත් 2000ක් අතින් පාඩුයි.. වරාය වර්ජනය කරවා..- වරාය වෘත්තීය නායක

March 12, 2023 at 2:10 pm | lanka C news

මගේ පඩිය 120,200යි.. ණය හතරත් ගෙවනවා.. බද්ද කැපුනොත් 2000ක් අතින් පාඩුයි.. වරාය වර්ජනය කරවා..- වරාය වෘත්තීය නායක

රජය විසින් පනවා ඇති ආදායම් බද්ද කැපී ගිය පසු තමන් විසින් බැංකුවට තවත් රුපියල් 2000 ක මුදලක් ගෙවිය යුතු බව සමස්ත ලංකා වරාය පොදු සහිත සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ගේ මහතා සඳහන් කරයි.

තම වැටුප රුපියල් 120,200ක් බවද පැවසූ ඔහු එම වැටුපෙන් තමන් ණය හතරක් අරගෙන ඇතැයිද පැවසීය.

ආණ්ඩුව විසින් ආදායම් බද්දක් පනවා ඇත්තේ මෙම වැටුපට බවත් ඔහු පෙන්වා දෙයි.

වරාය සේවකයෙකු රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහසක වැටුපක් ලබා ගන්නා බවට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *