වැඩියෙන් ණය නොවන රටක් වෙන්න මුල්‍ය අරමුදල සමග ගිවිසුමක්

 

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීම් සීමා කිරීමට රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එකන්ගත්වක් ඇති වී තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීම් මාධ්‍ය කාලීන ලෙස සියයට 60 කට සීමා කිරීමට තීරණය කොට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති ලෙස ඉදිරිපත් කළ 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ (වගකීම් ) පනත යටතේ එදා නියම කර තිබුණේ සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට අඩු විය යුතු බව යි. එම ඉලක්කයට  2006 දී ළඟා විය යුතු බව එම පනතින් නියම කොට තිබිණි.

කෙසේ වෙතත්, ඉන් පසු පත්වූ රජයන් එම පනත නොතකා ක්‍රියා කළ අතර පනත වරින් වර සංශෝධනය කළේය.

2021 පනතට කළ සංශෝධනයට අනුව ණය සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85 ක් ලෙස නියම කළ අතර එම ඉලක්කයට් ළඟා වීම 2030 දක්වා කල් දමනු ලැබීය.

එමෙන් ම රාජ්‍ය ණය ලෙස සඳහන් නොකර නොයෙකුත් ආයතන හරහා ණය ගැනීමට ද කටයුතු කොට තිබිණි.

දැන් මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස 2003 දී ඉදිරිපත් ඉලක්කයට ළඟා වන බවට ය.

ඒ අනුව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ ( වගකීම් ) පනත ද සංශෝධනය කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *