විදේශ ප්‍රේෂණ ලැබීමේ දැවැන්ත වර්ධනයක් ; පෙබරවාරියේ 98% කින් ඉහළට

 

 

විදේශීය ප්‍රේෂණ මගින් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 407 ක් මෙරටට ලැබී ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සැසඳීමේ දී සියයට 98 ක් වර්ධනයකි.

ජනවාරි පෙබරවාරි මස දෙකේ ලැබී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 844 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 82 ක වර්ධනයක් ලෙස සටහන් වෙයි.

පසුගිය වසරේ මුල් මස දෙකේ ලැබුණු මුළු මුදල ඩොරල් මිලියන 446 කි.

මෙම මාර්තු මාසයේ ලැබෙන විදේශ ප්‍රශ්න ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *