බුද්ධික පතිරණට, වලේබොඩට පාර් ලිමෙන්තුවේ ඉහළ තනතුරු

 

විපක්ෂයේ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සභාපති තනතුරකර පත් කරනු ලබා ඇත. ඒ මහතා පත්කර ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙසට ය.

එමෙන් ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට  පත් කරනු ලැබ සිටී

මේ අතර  රාජපක්ෂ පවුලේ ප්‍රබල සාමාජිකයින් වන  පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආචාර ර්ධම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාද  පත් කරනු ලැබ ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *