|

උද්ඝෝෂකයින්ට ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් ගහන බවට පොලිසියෙන් සහතිකයක් !

 

 

උද්ඝෝෂන විසුරුවා හැරීම සඳහා පොලිසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් පාවිච්චි නොකරන බවත්, ඉහල ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් පාවිච්චි කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරයි.

පොලිසිය උද්ඝෝෂණ විසුරුවා හැරීමට කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල වී ඇති විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

වෙනත් ඕනෑ ම දෙයක මෙන් ම කඳුළු ගෑස් වල ද කල් ඉකුත් වූ විට සර බාල වන බවත්, එබඳු කඳුළු ගෑස් යොදා ගැනීමෙන් පොලිසියට අවශ්‍ය ප්‍රතිඵල නොලැබෙන බවත්, ඒ මහතා කී ය.

පොලිසිය භාවිතා කරන කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවට චෝදනාවක් පසුගිය දා එල්ල වී තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *