දුමින්ද සිල්වා රට ගෙනියන්න කෝටි හැටක ඩීල් එකක් -වැඩේට තව කෝටි දෙසීයක් ලෑස්තියි

භාරත ලක්ෂ්මන් ඝාතනයට වරදකරු වී මරණීය දඩුවම් නියම වී සිටින දුමින්ද සිල්වා සිංගප්පුරුවට රැගෙන යාම සදහා රුපියල් කෝටි හැටක ඩීල් එකක් ක්‍රියාත්මක බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒ අනුව බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටත් එම රෝහලෙන් ලබාගන්නා වෛද්‍ය නිර්දේශ මත සිංගප්පුරුවේ මවුන්ට් මේරි රෝහල වෙත යැවීමටත් කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත .

යම් හෙයකින් මෙම සැලසුම අසාර්ථක වුවහොත් වෙනත් ආකාරයකින් හෝ ඔහු රටින් පිටට රැගෙනයාමට වෙනත් සැලසුම් සකස් කොට ඇති බවද කියති . මෙම කටයුතු සදහා තවත් කෝටි දෙසීයකට වැඩි මුදලක් වෙන් කොට ඇති බවට ද ආරංචි පැතිර යමින් පවතියි .

කෙසේ වෙතත් බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් මෙම කටයුත්තට එරෙහිව ක්‍රියාකරන බව ද දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *