මානව හිමිකම් කොමිසමත් දෙකට බෙදේ ! – පොලිස් ඇමති කැඳවීමට පහෙන් හතරක් විරුද්ධයි !!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවීමේ තීන්දුවට තමන්ගේ කිසිඳු සම්බන්ධයක්නොමැති බව එම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා එලෙඹන 13 වන සඳුදා දින මහජන අමාත්‍යවරයාට කැඳවීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

HR Letter

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය වන අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි, වෛද්‍යාචාර්ය නිමල් කරුනාසිරි, ආචාර්ය විජිත නානායක්කාර , අනුෂියා ෂම්මුගනාදන් එහි සෙසු සාමාජිකයින් වේ. එම සියලු පත්වීම් සිදුකර තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

Commission

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය හැර අනෙකුත් සාමාජිකයින් සියලුදෙනාම ඇතැම් මාධ්‍යවෙත පවසා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කොමිසමට කැඳවීමේ තීරණය කොමිෂන් සභාව විසින් ගනුලැබූ තීන්දුවක් නොවන බවයි. පුජ්‍ය කළුපහන පියරතන හිමියන් මේදිනවල විදේශගතව සිටිති.

කෙසේවුවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් සඳහා කිසියම් පුද්ගලයකු කැඳවීමට විමර්ශනය සිදුකරනු ලබන නිලධාරියට හෝ නිලධාරිනියට බලය ඇති බවයි. ඒ සඳහා කොමිසමේ සාමාජිකයින්ගේ එකඟතාවයක් අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය. අඩුම වශයෙන් සභාපතිනිය ගේ හෝ එකඟතාවයක් අවශ්‍ය නොවනබව ඔහු තවදුරටත් කියා සිටියේය.

”මානව හිමිකම් කොමිසම උසාවියක් නොවෙයි”-  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා



මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකයකු වූ මානව හිමිකම් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුයේ, මානව හිමිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් හරහා වාර්තාවක් කැඳවා අධ්‍යයනය කිරීම මිස එහි විෂය භාර ඇමතිවරයා කැඳවීම නොවන බවයි.

ඒ අනුව, විරෝධතා විසුරුවාහැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම පළමුව කළ යුතුව තිබුණේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැඳවීම නොව විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා එය අධ්‍යයනය කිරීම යැයි ආචාර්ය මහානාමහේවා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *