මහ බැංකුව ඩොලර් මිලියන 500 ක් මිල දී ගනී

 

ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වූ බවත් පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දෙරණ නාලිකාවේ විකාශය වූ Rebuild Sri Lanka වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා මේ බව කියා සිටියේය.

“ජනවාරි සිට Mandatory sales සමඟින් ඩොලර් බිලියන 1 ක් පමණ මහ බැංකුවට අරගෙන තියෙනවා. පහුගිය දවස් කිහිපය තුළ මිලියන 500 ක් විතර අරගෙන තියෙනවා. අපි මේ මැදිහත් වීම නොකළා නම් මිල තවත් පහළ එන්නට ඉඩ තිබුණා.“

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *