ඇමරිකානු ඩොලරයේ මිල තවදුරටත් පහළට එයි. එක් බැංකුවක 295 යි !

වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව අද (09) දිනයේත් ඇමරිකානු ඩොලරයක මිල තවදුරටත් පහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ලංකා බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 335 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 305 ක් සහ 325 ක් වශයෙන් සටහන්ව ඇත.

සම්පත් බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 330 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 308 ක් සහ 323 ක් වශයෙන් සටහන්ව ඇත.

ඊයේ දිනයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල රු. 308 ක් සහ 330 ක් වශයෙන් පැවති අතර අද එය 305 ක් සහ 327 ක් වශයෙන් සටහන් කර තිබේ.

NDB බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 305 ක් සහ 330 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 295 ක් සහ 325 ක් වශයෙන් සටහන්ව ඇත.

RN

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *