මහා වැඩ වර්ජනය දිය වෙයි ; සමිති වෙන වෙනම සටන්වල

 

අද දින සිට රට පුරා ක්‍රියාත්මක කරන බවට කලින් ප්‍රකශ කොට තිබු අඛණ්ඩ මහා වැඩ ර්වජනය මේ වන විට අත්හැර ඇති අතර එය ප්‍රකාශයට පත්කළ වෘත්තීය සමිති වෙන වෙන ම විරෝධතා ක්‍රියාවල යෙදීමට තීරණය කොට තිබේ.

ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති අද සංඛේත වැඩ වර්ජනයක නියැලෙන්නේ ඔවුන්ගේ සේවාවන්ට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව යි.

ඇතැම් ප්‍රබල වෘත්තීය සමිති සටනින් සම්පුර්ණයෙන් ම ඉවත්ව ඇති බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, ඇතැම් සමිති ප්‍රකාශ කොට ඇත්තේ ලබන 15 දා වන විට සමස්ත වැඩ ර්වජනය ක්‍රියාත්මක කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *