ඩොලරය තවදුරටත් පහළට. ගැනුම් මිල රු. 310ට බසී

 

අද (08) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310 ක් දක්වා ත් විකුණුම් මිල රු. 325 ක් දක්වා ත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

ඊයේ (07) දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබූ අතර ඒ අනුව වානිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල නියම වී තිබෙනු දැකිය හැකිය.

ඒ අනුව අද (08) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු.315.00 – රු. 335.60

මහජන බැංකුව – රු. 312.97 – රු. 336.65

සම්පත් බැංකුව – රු. 310.00 – රු. 325.00

HNB – රු. 310.00 – රු. 330.00

සෙලාන් බැංකුව – රු. 316.00 – රු. 334.00

DFCC – රු.315.00 – රු. 335.00

NDB – රු. 320.00 – රු. 335.00

අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *