පොලී ව්‍යූහය සාමාන්‍යකරණය වේවි. අපේක්ෂා සහගතව පසුවන්න – මුදල් මණ්ඩලය ඉල්ලයි 

 

මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය සිකුරාදා (03) ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය.

මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියට සමගාමීව අවදානම අඩුවීම පිළිබිඹු කරමින්, වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතික ඉදිරි කාලය තුළ දී අඩුවීමත් සමඟ මෙම ප‌ොලී අනුපාතික අතර පවතින පරතරය තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් මණ්ඩලය සියලු පාර්ශවකරුවන්ගෙන් අපේක්ෂා සහගතව පසුවන ලෙස ඉල්ලා සිටියි.

මිල හා ආර්ථික ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා සිය කැපවීම මුදල් මණ්ඩලය නැවතත් අවධාරණය කරන අතර ඒමඟින් ඉදිරි කාලය තුළ දී මිල පීඩන ප්‍රමාණවත් පරිදි පාලනය වීමත් සමඟ පොලී අනුපාතික ව්‍යූහය සාමාන්‍යකරණය වනු ඇති බව මුදල් මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *