බලය නොබෙදා, අාර්ථික ප්‍රශ්න විසඳිමෙන් ජාතික ප්‍රශ්නය විසඳන්න බෑ-අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී ගැටලු රාශියක් ඇතිවෙලා තියෙනවා. සිංහල සහ දමිළ දෙකම රාජ්‍ය භාෂා වියයුතුයි. ව්‍යවස්ථා නිර්මාණ වැඩපිළිවෙළ තුළ මෙහෙයුම් කමිටුවලට මම සහභාගී වෙනවා. ඒ වාගේම මන්ත්‍රීවරු මැති ඇමතිවරු රාශියක් සහභාගි වෙනවා. එතැනදී මම ප්‍රකාශ කලා භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ කිසිම සාකච්ඡාවකට සංවාදයට මම ඉඩ දෙන්නෙ නෑ කියලා. පොඩි පොඩි තාක්ෂණික වැඩ තියෙනවා. මම කියන්නෙ නව ව්‍යවස්ථාවේ සිංහල සහ දෙමළ කියන දෙකම රාජ්‍ය භාෂාවන් ලෙස දක්වන්න ඕනි කියලා. මම රාජ්‍ය භාෂා ඇමතිවරයා හැටියට කැපවෙලා ඉන්නවා ජාතික භාෂා ප්‍රතිපත්තියක් ඇතිකරන්න. රටේ තිබෙන ජාතික ප්‍රශ්නයට හොඳම විසදුම තමයි ජාතික භාෂා ප්‍රතිපත්තියක් ඇතිකිරීම වගේම බලය බෙදීමක් තියෙන්නට ඕන. එක්සත් ලංකාව තුල බලය බෙදීමක් ඇති කිරීමට කටයුතු යොදන්න ඕන. බලය බෙදීම කියන්නෙ සිංහල ජනතාවගේ බලතල උදුරාගෙන දෙමළ මුස්ලිම් ජනතාවට දෙනඑක නෙවෙයි. කොළඹට පමණක් සීමාවෙලා තියෙන බලතල ටික දිස්ත්‍රික්ක වලට පලාත් වලට බෙදලා දෙන්න ඕන. යාපනය, වව්නියාව වගේම මොණරාගලට සමාන බලය බෙදීමක් තියෙන්න ඕන. දැන් ලංකාවෙ රජවරු නෑ. රජ මාලිගා නෑ, ඒ ඔක්කොම නැවැත්තුවා අපි. දැන් ලංකාවෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ජාතික ප්‍රශ්නය විසදීමට අලුත් ව්‍යවස්ථාව මගින් කටයුතු යොදා තියෙනවා. මමත් ඒකෙ මෙහෙයුම් කමිටුවක ඉන්නවා. නමුත් හෙට අනිද්දා එන්නෙ නැතිවෙයි. තව ටිකක් කල් යයි. මොකද ඒකට ජාතික එකඟතාවයක් ඇතිවෙන්න ඕනි. සියයට සියයක් එකගතාවයකට එන්න බැරි වෙයි. නමුත් කොහොමහරි අපි ඒක කරන්න ඕනි. මම පාර්ලිමේන්තුවට, ආණ්ඩුවට ගියාම අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ව්‍යවස්ථාවේ තියෙන භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර අලුත් ව්‍යවස්ථාවෙන් කොහොමද ඒක ස්ථාපිත කරල ක්‍රියාත්මක කරන්නෙ කියල ප්‍රශ්නයක් අපට පැන නගිනවා. අපි අපේ ජනතාව ලගට ගියාම ඒගොල්ලන් මේ ප්‍රශ්න අහනවා, දෙමළ ජනතාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ කියලා.ඉතින් මමත් ඒ ප්‍රශ්න එහෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ගෙන් අහනවා.ඒක නිසා ජාතික භාෂා ඇමතිවරයා ලෙස මම මේක දකින්නෙ ජාතික ප්‍රශ්නය විසදීමේ පෙරවදනක් ලෙස භාෂා ප්‍රතිපත්තියක් ඇතිකල යුතුයි කියලා. අපේ ආණ්ඩුව ඇතුලෙම මේකට බාධා තියෙනවා. නමුත් මේක කොහොම හරි කරන්න ඕනි. ජාතික ප්‍රශ්නයට මූලික හේතුව භාෂා ප්‍රශ්නය නෙවෙයි .නමුත් 51%ක් භාෂා ප්‍රශ්නය වෙන්නත් පුලුවන්. සමහරු කියන්න පුලුවන් උතුරු නැගෙනහිර ජනතාවට ආර්ථික පහසුකම් හදල ගෙවල් හදල මේ ප්‍රශ්නෙ විසදෙයි කියල, ඒක කවදාවත් වෙන්න නෑ. බලතල බෙදීමක් අවශ්‍යයි .මේක කරගැනීමට නොහැකි වුනොත් මම කොහොමද අපේ ජනතාව ලගට යන්නෙ .මම මෙතන ඉන්නෙ අපේ ජනතාව නියෝජනය කරන්න, ඒක නිසා බොරුකරකර විහිලු කරකර ඉන්න වෙලාවක් නෑ. වගකීම ඉටු කරන්න ඕනි. දැන් මම ඉන්නෙ මගේ සටනෙ අවසානෙ. මෙතෙක් වෙනකල් මම ජයග්‍රහණය කරල තියෙනවා. මේ රටේ සැම නාම පුවරුවක්ම භාෂා 3න් ම තියෙන්න ඕනි. ඒකත් හරි ආකාරයෙන් නිවැරදිව තියෙන්න ඕනි. සිංහල ලොකූවට දෙමළ පොඩියට නෙවෙයි, ඔක්කොම එක ප්‍රමාණයකින් තියෙන්න ඕනි. සෑම නාම පුවරුවකම දමිළ බස නිවැරදිව දක්වන්න ඕන. ලංකාවෙ ජාතික ප්‍රශ්නය ජිනීවා ගිහින් වොෂින්ටන් ගිහින් කතා කරල වැඩක් නෑ ඒක අපිම විසදාගත යුතු ප්‍රශ්නයක්. රටේ අනාගතය රැදිල තියෙන්නෙ විවිධත්වය මත ඒක ආරක්ෂා කරන්න සියලුදෙනා බැදී ඉන්නවා. භාෂා තුනක් එකම රටක්, ආගම් හතරක් එකම රටක්, ජනවර්ග 19ක් එකම රටක් ලෙස අපිට දකින්නට පුලුවන්. මේ භුමියේ සියලු දෙනාටම අයිතිය තියෙනවා. අපිට ඒක තහවුරු කරල ආරක්ෂා කරගතයුතුයි. ඒකට අපි 1956 දුරකථන අංකය භාවිතා කරල පැමිණිලි භාර අරන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *