අයි එම් එෆ් ඩොලර් බිලියන 2.9 ත් සමග තවත් බිලියන තුනක් එයි

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් වන මුල්‍ය පහසුකම අනුමත වීමත් සමග තවත් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මේ වන විට ගිවිසගෙන ඇති බව වාර් ත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය මෙරටට බිලියන තුනක මුදලක් දීමට එකඟ වී ඇති බව යි.

මෙම මුදල් එකවර නොව කොටස් වශයෙන් ලැබෙනු ඇති බව ද ඒ මහතා කියයි.

මෙම මස 20 දා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මුල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *