මැතිවරණයට ජුනි මාසයේ දිනයක් ?

 

පළාත් පාලන මැතිවරණය සඳහා ජුනි මාසයේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග කියයි.

ඡන්දය පව්වත්වෙන දිනයක් මේ සතියේ ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කොට ඇති අතර ඒ සඳහා අදාළ සියලු පාර්ශවයන්ගේ රැස්වීමක් හෙට (7 දා ) පැවැත්වීමට නියමිත ය.

ගැටලුවකින් තොරව ඡන්දය පැවැත්වීමට සම්මුතියක් ඇතිකර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

කෙසේ වෙතත්, ඡන්දය කල් දමන ලෙස සහ පවත්වන ලෙස ඉල්ලු පෙත්සම් දෙකක විභාග මැයි මාසයේ පැවැත්වීමට දින නියම කර ඇති බැවින් ඊට පෙර දිනක් මැතිවරණය සඳහා නියම කිරීමේ ගැටළුවක් ඇති බව ද කියති.

ඒ සියලු කරුණු සලකා බලා ජුනි මාසයෙන් පසු දිනයක් මැතිවරණය සඳහා ලැබෙනු ඇතැයි විපක්ෂයේ කණ්ඩායම් විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *