රුපියල නවත්තන්න මහ බැංකුව ඩොලර් මිලියන 300 මිලට ගනී ; බඩු මිල අඩුවන බවත් කියයි

 

රුපියල පාලනයකින් තොරව ශක්තිමත් වීම වැළක්වීමට මහ බැංකුව මේ වන විට ඩොලර් මිලියන 300 ක් මිලට ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ විනිමය අනුපාතය පාලනයකින් තොරව කුමන අතට වෙනස් වුවත් එය ආර්ථිකයට යහපත් නොවන නිසා මෙම පියවර ගත් බව යි.

එබැවින් රුපියල වේගයෙන් ශක්තිමත්වීමක් පෙන්නුම් කළ, විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇත. ඒ අනුව මහ බැංකුව සතු ඩොලර් සංචිත ද ඉහල ගොස් තිබේ.

රුපියල අඩු වූ විට ආනයනික භාණ්ඩ මිල ද අඩු විය යුතු බවත්, ඒ අනුව උද්ධමනය තවත් පහල බසිනු ඇති බවත්, මහා බැංකු අධිපතිවරයා ප්‍රකශ කළේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ මහතා කීවේ බඩු මිලෙහි ක්‍රමානුකුල පහත වැටීමක් අපේක්ෂා කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *