මුදල් කමිටු සභාපති වජිර අබේර්වධන ?

 

රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස වජිර අබේර්වධන මහතා පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එම තනතුරට පත්කළ මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීම නිසා මෙම තීරණය ගැනීමට යන බව කියති. මයන්ත දිසානායක මහතාට එල්ල වූ ර්තජන නිසා ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේර්වදන මහතා ප්‍රකාශ කොට තිබේ.

මුදල් කමිටුවේ හිටපු සභාපති ආචාර්ය ර්හෂ ද සිල්වා මහතා පත් කළ යුතු බව විපක්ෂය ඉල්ලා සිටිය ද ආණ්ඩු පක්ෂය එයට දැඩි විරෝධය ප්‍රකාශ කොට තිබේ. ආචාර් ය ර්හෂ  ද සිල්වා මහතා දේශපාලන අභිමතය අනුව තනතුර භාවිතා කරමින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දිගින් දිගට බාධා කළ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියති. ඔවුන් කියන්නේ ඒ මහතා රුපවාහිනී කැමරා ඉදිරියේ වීරයකු වීමට උත්සහ කළ බව යි.

පාර් ලිමෙන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තනතුර විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ලබා දිය යුතු නමුත්, එම නියෝග අත්හිටුවා ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත. මීට පෙර අනුර ප්‍රියදර්ශන යාපා මහතා සභාපති ලෙස පත්කොට තිබුණේ ඒ ආකාරයෙනි.

විපක්ෂයේ මයන්ත දිසානායක මහතාට මෙම තනතුර බාර ගැනීමට ඉඩ නොදෙන්නේ නම් එම දෙවැනි ක්‍රියාමාර්ගයට යා යුතු බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇතැයි කියති.  කෙසේ වෙතත්, ඔවුන් කියන්නේ මෙය මයන්ත දිසානායක මහතාගේ ප්‍රශ්නය විසඳා ගන්නා තෙක්  ක්‍රියාත්මක කෙරෙන තාවකාලික පියවරක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *