රදවාගන්න මුදල් නෑ ; මැතිවරණය අවලංගු කරන්න නිරීක්ෂක සංවිධානයක් ඉල්ලයි

 

අධිකරණය නියෝග කොට ඇති පරිදි නිදහස් කිරීමට රජය කිසිදු මුදලක් රඳවාගෙන නැති බවත්, දැන් කළ යුතු වන්නේ මැතිවරණය වලංගු කිරීම බවත්, මැතිවරණ නිරීක්ෂන ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු නොකර සිටිමේ අවධානම පෙන්වාදිම.

2023 පළාත් පාලන මැතිවරණය නැවත පවත්වන දිනය මාර්තු 03 දින මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පැවසුවද දිනය නියම කිරිම නැවත මාර්තු 07 දිනට කල්දමා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහා මුදල් අමාත්‍යවරයාට පළාත් පාලන මැතිවරණය සදහා 2023 අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිදහස් කරන ලෙස තහානම් නියෝග නිකුත් කලද මුදල් අමාත්‍යංශයට රදවාගැනිමට හෝ මුදල් නැත්නම් අලුතෙන් මුද්‍රණය කර මුදල් ලබා දිය නොහැකිය.

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල මගින් මුදල් මුද්‍රණය කිරිම වලක්වාලමින් කොන්දේසියක්ද පනවා ඇත.ඒ හේතුවෙන් ලබන සතියේ තහානම් නියෝගය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කරන බව අප කල වීමසිමේදි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහාතා පැවසිය.

2023 පළාත් පාලන මැතිවරණය සදහා 2023 වසරේදි මුදල් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති අතර මාර්තු 25 දින සිමා නිර්නය කමිටුව මගින් රජයට බාර දීමට නියමිත පළාත් පාලන මැතිවරණ නව කොඨිඨාස සීමා නිර්නය වාර්තාව සහ තරුන අපේක්ශකයින් ලැයිස්තු වේ 25% ක් කිරිමේ යෝජනාව පාර්ලිමේන්තුවේදි අප්‍රේල් මස මුල් සතියේ සම්මත කරගැනිමට යෝජිත බව දැනගන්නට තිබේ. ඒ අනුව එම පනත් දෙක සම්මත වීමත් සමග දැනට කැදවා ඇති නාමයෝජනා අවලංගු වි යාම සිදුවේ.

මෙවන් පසුබිමක පළාත් පාලන මැතිවරණය සදහා දෙවන වර දිනයක් නියම කලද එම දිනට මැතිවරණය පැවැත්විම ප්‍රයෝගික නොවන බව අවබෝධ කර ගෙන සහ මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළළ හොදින් අවබෝධ කරගෙන තවදුරටත් රාජ්‍ය නිළධාරින් මානසික පිඩනයකට ලක් නොකරමින් සහ මැතිවරණයට ඉදිරිපත් වි සිටින දේශපාලන පක්ෂ අපේක්ශකයින්ද අපහසුතාවයට පත් නොකර කඩිනමින් මැතිවරණය අවලංගු කිරිම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගේ වගකිමක් බව අප සංවිධානය අවධාරණය කරන්නෙමු

එස්.බි හේරත්,
විධායක අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *