දිනක් ර්වජන කරන්න බැරිව අඛණ්ඩ වැඩ ර්වජන කරන්නේ කොහොමද ? 8 දා ර්වජනය කල් දමයි

 

ලබන 8 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ ර්වජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති එකතුව විසින් කලින් ප්‍රකාශ කොට තිබුන ද , මේ වනවිට එය දින නියමයකින් තොරව කල් දමා ඇති බව වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි.

මාර්තු 1 දා සංකේත ර්වජනයට තම සාමාජිකයින් සම්බන්ධ කර ගැනීමට මෙම සමිතිවලට නොහැකි වීම නිසා මෙම තත්ත්වය මතු වී තිබේ. එක් දින ර්වජනයකට නොඑන සේවකයින් අඛණ්ඩ වැඩ ර්වජනයකට සම්බන්ධ කරන්නේ කෙසේ දැයි ඇතැම් වෘත්තීය සමිති නායකයින් ප්‍රශ්න කර ඇති අතර මෙම ප්‍රශ්නය මත වෘත්තීය සමිති අතර මත ගැටුම් ද හටගෙන තිබේ.

එක දින වැඩ ර්වජනයක්  කැඳවීමට මුල් වූ බොහෝ වෘත්තීය සමිති මාර්තු 1 දා උද්ඝෝෂණ ක්‍රියා වලට පමණක් සීමා වූ අතර වැඩ ර්වජනය අත්හැර දැමීය.

ඔවුන් ප්‍රකාශ කළේ 8 දා සිට අඛණ්ඩ වැඩ ර්වජනයක් ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, එදිනට එය ක්‍රියාත්මක නොකිරීමට මේ වන විට තීරණය කොට තිබේ.

වෙනත් විකල්ප විරෝධතා ක්‍රියාවක් ගැන මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *