මැතිවරණයේ මුදල් දෙසැම්බරයේ දිය හැකිද ? අධිකරණ තීන්දුව ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක්!

 

පළාත් පාලන ඡන්දය සඳහා 2023 අයවැය මගින් වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ටාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය අනුව එම මුදල් මෙම වසර තුළ මුදා හැරීම ප්‍රමාණවත් ද? යන ප්‍රශ්නයක් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවට ලක් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

එම මුදල වෙන් කොට ඇත්තේ මුළු වසර සඳහාම වූ අයවැය ලේඛනය මගින් වීමත්, මුදල් වියදම් කරන්නේ වසර තුළ ලැබෙන ආදායමින් වීමත්, නිසා මෙම ප්‍රශ්නය පැන නැගී තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ පැහැදිලි කිරීමක් ලබා ගත යුතු බවට ද යෝජනා වී ඇතැයි කියති.

මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ඊයේ ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවට ගරු කරන බව සහ ඒ අනුව ක්‍රියා කරන බවයි. අධිකරණ නියෝගය පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බව ද , ඒ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශ නිලධාරීන් කියන්නේ කිසිදු මුදලක් රඳවාගෙන නැති බවයි.  රඳවා ගැනීමට මුදල් නොමැති බව ඔවුහු කියති.

කෙසේ වෙතත්, වහා ම මුදල් නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කොට ඇත්නම්, වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තක් නවතා එම මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයට සිදුවනු ඇති බව නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *