ශ්‍රී ලංකාවට අයි එම් එෆ් ණය ගැන තීන්දුව 20 දා

 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය පිලිබඳ තීරණය මේ මස 20 දා රැස්වන අයි එම් එෆ් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ගනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 20 දාට යොදාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ණය ඉල්ලීම පිලිබඳ ප්‍රශ්නය ද එහි න්‍යාය පත්‍රයට ඇතුළත් කොට තිබේ.

මෙම ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉටු විය යුතු සියලු කොන්දේසි ඉටු කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. මුල්‍ය අරමුදල ඉල්ලා ඇති සියලු තොරතුරු ද ලිපි ලේඛන ද  මේ සතියේ යවා අවසන් කරන බව ද රජයේ ආරංචි මාර්ග කියයි.

මුල්‍ය අරමුදල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටි සහතික කිරීම් අතරින් චීනය හැර අනෙක් සියලු ණය හිමියන් මුල්‍ය අරමුදල ඉල්ලු ආකාරයෙන් ම සහතික ලබා දී තිබේ. චීනය ද සහතිකයක් ලබා දී ඇති නමුත් එය මුල්‍ය අරමුදල ඉල්ලා සිටි මටටමේ නොවන බව කියති. එම ප්‍රශ්නය පිළිබඳව චීනය සහ මුල්‍ය අරමුදල අතර සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.

චීනය ද මුල්‍ය අරමුදලේ ප්‍රබල සාමාජික රටකි.අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ඔවුන්ට නියෝජනයක් හිමි ය.

මෙම තත්ත්වය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් ශ්‍රී ලංකාවට සුබදායි ප්‍රතිඵල ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *