|

ප්‍රතිපත්ති පොලිය වැඩි කළත් බැංකු පොලිය අඩුවෙයි – මහ බැංකු අධිපති

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම මත මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කළ ද , බැංකු පොලී අනුපාත ඉදිරි කාලයේ ක්‍රමානුකුලව අඩුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

අද පවතින ඉහළ බැංකු පොලියට හේතුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලිය නොව ණය ප්‍රතිව්‍යුහගත කරණයේ අවදානම් සාධකය බව ඒ මහතා කියයි.

රජය වෙළෙඳපොලෙන් ණය ගැනීම අඩු කිරීම සහ මුල්‍ය අරමුදලේ ණය ලැබීම මත මෙම අවදානම් සාධකය ඉවත් වී පොලිය අඩුවනු ඇත. පසුගිය දිනවල ද එම තත්ත්වය දක්නට ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සැප්තැම්බර් මාසයේ ඇති කරගත් එකඟතාව මත ලකුණු 100 කින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාවයකට පැමිණි බවත් ඉන් වෙළඳපොළ පොලී අනුපාත වැඩි වීමක් සිදු වෙතැයි අපේක්ෂා නොකරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *