|

ශ්‍රී ලංකාව ගොඩ දාන්න අයි එම් එෆ් විධායක අධ්‍යක්ෂිකාව විශේෂ මෙහෙයුමක

 

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මතුවී ඇති ගැටළු විසඳීමට එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායික අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටලිනා ජෝජිවා මහත්මිය විශේෂ උතසහයක යෙදී සිටින බව වාර්තා වෙයි.

ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය ලබා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස චීන අගමැති ලී කෙ චාන්ග් මහතා සමග විශේෂ සාකච්චාවක යෙදී ඇති ජෝජිවා මහත්මිය ඉන්පසු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතා දිගු සාකච්ඡාවක යෙදී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ණය ප්‍රශ්නයට මුහුණ දී ඇති රටවල් සඳහා පොදු ප්‍රතිපත්තියකට එකඟ වන බවත්, එහි දී සියලු දෙනා සමාන ලෙස පාඩු දරාගත යුතු බවත්, යන ප්‍රතිපත්තියට තමන් එකඟ වන බව චීන අගමැතිවරයා මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරියට පවසා ඇත. කෙසේ වෙතත්, එහි දී චීනය යෝජනා කරන ක්‍රමවේද පිළිබඳ ගැටළු ඇති බව කියති.

චීනය දක්වන ප්‍රතිචාර අනුව ගත හැකි ක්‍රියාමාර්ග සහ එමගින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇතිකර ගැනීමේ හැකියාව පිළිබඳව ජෝජිවා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දිගු සාකච්ඡාවක යෙදී ඇත..

මෙලෙස ණය අර්බුදයට ස්ථිර විසඳුම් සෙවීම සඳහා මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ තුමිය ක්‍රියා කරමින් සිටින අතර එම සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වී ඇති බව ද කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *