රණවීරයන් සමග ගම්මන්පිලයන්ගේ කුමන්ත්‍ර‍ණ

 

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව ඊයේ කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ.

මෙම ඉල්ලීම 2008 පමණ සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි.

එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා සම්පූර්ණයෙන් ම ආබාධිත ද නැත. එසේම, ඔවුන් ආබාධිතභාවය නිසා ලැබෙන විශ්‍රාම වැටුප් අයිතිය සඳහා අවශ්‍ය වසර 12ක සේවා කාලය සපිරීමට පෙර සේවයෙන් ඉවත් වුණේ ස්වකැමැත්තෙන්, වන්දි ලබා ගනිමින් හා මෙවැනි ඉල්ලීම් සඳහා ඇති අයිතිවාසිකම් ද අතහැර දමමිනි. ඔවුන්ට වයස අවුරුදු 55 දක්වා මූලික වැටුප හා ආබාධිත විශ්‍රාම දීමනාවක් ද ගෙවනු ලැබේ. මෙය රජයේ බොහෝ සේවකයන්ට, උපාධිධාරීන්ට ලැබෙන වැටුප් සමග සන්සන්දනය කළ විට සාධාරණ එකකි. මහන්සි වී වැඩ කරන පෞද්ගලික අංශයේ ඇතැම් සේවකයන්ට ලැබෙන වැටුප් මීට වඩා බොහෝ අඩු ය.

ආබාධිතයා යනු සමාජ අනුකම්පාව මත ම ජීවත් විය යුතු අයෙකු නො වේ. රජය විසින් කළ යුතුව තිබෙන්නේ ආබාධ සහිත ජනයාට ස්වාධීනව ජීවත් වීම සඳහා අවශ්‍ය තත්වයන් ගොඩනගා දීමයි. රජයේ වියදමින් නඩත්තු කළ යුත්තේ එහෙම බැරි අය පමණි.

මහජන මුදලින් වන්දි ගෙන ඉවත් වී, දශක ගණනාවක් තිස්සේ වැඩක් නො කර, මහජන මුදලින් වැටුප් ගත් මෙම ආබාධිත සෙබළුන් විරුවන් ලෙස කළ යුතුව තිබුණේ මෙම කාලය තුළදී සිය ජීවිතයේ ඉදිරි කාලය සැලසුම් කිරීමයි. ඔවුන් ගත් වන්දිය, ලබා දුන් වැටුප ඒ වෙනුවෙන් යොදවන්නට ඔවුන්ට යුතුකමක් තිබිණි.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම ලබා දීම නරක නැත. හේතුව මෙතන තිබුණේ වෙන දේශපාලන ගේමකි. මෙම පිරිස යොදාගෙන ජාතිවාදී රාජපක්ෂවාදීන් උත්සාහ කළේ හමුදාව රජයට එරෙහිව කුපිත කිරීමට ය.

මෙම ජාතිවාදීන් බලාපොරොත්තු වුණේ රජය සෙබළුන්ගේ ඉල්ලීම නො දෙනු ඇති ය කියා ය. එහෙත්, සාකච්ඡාව සඳහා ගිය පිරිස යහපත් පිළිතුරක් රැගෙන ආපසු පැමිණෙන්නට පෙර ඔවුන් ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු වූයේ කෙසේ හෝ සිය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙනි. මෙම කලබලය තනිකර ම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත සෙබළුන්ගේ ලේ සැලීමේ අරමුණින් දේශපාලනිකව මෙහෙයවන ලද්දකි. මේ සිනා සිසී පෙන්නන්නේ ඒ ජයග්‍ර‍හණයේ සංකේතයකි.

කෙසේ වෙතත්, මේ බර ද අවසානයේදී දරනු ඇත්තේ රජයෙන් අවම වරප්‍ර‍සාද ලබමින් පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේ ඵලදායී වැඩවල යෙදෙමින් බදු බරට උර දෙන අසරණයෝ ය. යුද්ධය අවසන් කිරීමට මුවා වී රාජපක්ෂලාගේ සිට බොහෝ අය මේ අසරණයින් සූරා කති.

ප්‍රජාතන්ත්‍ර‍වාදය හා නිදහස යනු වල් බූරුවන්ට නඩලං නටන්නට ලබා දී තිබෙන අවස්ථාවක් නො වේ. තමන්ට එරෙහි කුමන්ත්‍ර‍ණ හමුවේ කොන්ද පණ ඇතුව කටයුතු කරන්නට ශක්තිය නැති ආණ්ඩුවකට පැවැත්මක් තිබේ ද?

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *