බදු ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි – IMF ප්‍රකාශයක්

බදු ප්‍රතිපත්තිය ගැන IMF ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි.

එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.

පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණයහිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවද එහි සඳහන් වෙයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *