ර්වජන ර්තජනයට ආණ්ඩුව සුදානම් වෙයි ; රජයේ මුදල් රාජ්‍ය බැංකුවලින් ඉවතට

 

 

 

 

ලබන 8 දා සිට අඛන්ඩ වැඩ ර්වජනයක් කරන බවට රාජ්‍ය බැංකුවල  ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කොට ඇති බැවින්, එයට මුහුණ දීම සඳහා පියවරක් ලෙස රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඇති මුදල් රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගන්නා ලෙස  ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවකට රජය උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික බැංකුවල නව ගිණුම් අරඹන ලෙස රාජ්‍ය ආයතනවලට රජය උපදෙස් දී ඇති අතර ඊයේ පවතී සදිසි කැබිනට රැස්වීමක දී එයට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට රාජ්‍ය ආයතනවලට අවසර ලැබී තිබේ.

මෙතෙක් පැවති විධිවිධාන වුයේ රාජ්‍ය ආයතනවල ගිණුම් රාජ්‍ය බැංකුවල පමණක් පවත්වාගෙන යා යුතු බව යි. එය රාජ්‍ය බැංකුවල මුල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට ගෙන තිබු පියවරකි.

කෙසේ වෙතත්, රාජ්‍ය බැංකුවල ඊයේ පැවති වැඩ ර්වජනය අතම රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය කටයුතුවලට බලපෑම් ඇතිවීම හේතුවෙන් ඉදිරි වැඩ ර්වජනවලට මුහුණ දීමේ ආරක්ෂක පියවරක් ලෙස රජයේ ආයතනවල මුදල්වලින් කොටසක් පෞද්ගලික බැංකු වෙත යොමු කිරීමට රජය තීරණය කොට තිබේ.

මෙම තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *