විදුලි, තැපැල්, ගුරු වෘත්තීය සමිතිත් ර්වජනයෙන් ඉවත්වෙයි

හෙට එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට මුලිකත්වය ගෙන ක්‍රියාකළ විදුලි, තැපැල් සහ ගුරු වෘත්තීය සමිති ද හෙට දින වැඩ වර්ජනය අතහැර ඇති බව අද ප්‍රකාශ කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ දුම්රිය වෘත්තීය සමිති ද වැඩ වර්ජනය නොකරන බව මීට පෙර වාර්තා කළේය.

ප්‍රවාහන සේවයේ කිසිදු වැඩ වර්ජනයක් හෙට දිනයේ ක්‍රියාත්මක නොවේ.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ද හෙට දින වැඩ වර්ජනයක් සිදු නොවන බව වාර්තා වී තිබේ.

විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණ සඳහා එකතු වන බව කියති.

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ හෙට දින කළු පටි බැඳ සේවයට වාර්තා කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *