උද්ඝෝෂණවලට එරෙහිව සංචාරක ව්‍යාපාරය නැගී සිටිය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

 

රටේ උද්ඝෝෂණ ඇති කිරීමෙන් පහර වදින්නේ සංචාරක ව්‍යාපාරයට බවත්, එම උද්ඝෝෂණවලට එරෙහිව සංචාරක කර්මාන්තයේ නියලී සිටින පිරිස් නැගී සිටිය යුතු බවත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

උද්ඝෝෂණ පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය ආවරණ නිසා සංචාරකයින් මෙරටට පැමිණීමට බිය වන බවත්, එය සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින අයගේ ජීවනොපායට පහර වදින බව සහ රටේ ආර්ථිකයට ද හානි කර වන බව ඒ මහතා කියයි.

රට ගොඩ යන මාවතට ගෙන අවසන් බව කියන වජිර අබේවර්ධන මහතා මීට වෙනස් ක්‍රියා කරග ඇත්නම් යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *