දුම්රියත් වර්ජනයට නැහැ ; උද්ඝෝෂණ පමණයි ; කාම පැයේ උද්ඝෝෂණයට වෘත්තිය සමිති 29 ක් එක් වෙයි

 

වෘත්තීය සමති ගණනාවක් විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනයට සහභාගී නොවී උද්ඝෝෂණවල පමණක් යෙදීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කොට තිබේ.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින්  උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට (01) දින කෑමපයේ දී සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව දුම්රිය රියදුරු,  නියාමක, දුම්රිය පාලක, දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 29 ක සහයෝගයෙන් හෙට පස්වරු 12.00 ට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවත්  දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *