වීරත්වය කියන්නේ මෝඩකමට බෙල්ල දීම නොවෙයි ; කඩයක් ඇතුලට ගියේ ආරක්‍ෂාවටයි – අනුර

ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර ශාලාව ප්‍රදේශයේ පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ තමන් ඒ අසල තිබූ කඩයක් ඇතුලට ගියේ ආරක්ෂාව සඳහා බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් පමණක් නොව තමන් සමඟ සිටි පිරිසක් ද එම අවස්ථාවේ එම ක්‍රියාමාර්ග එකක් බවද හෙතෙම සඳහන් කළේය.

වීරත්වය යනු මෝඩකම බෙල්ල දීන නොබවද හෙතෙම පැවසීය.

එම සිදුවීම සිදු වූයේ පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටි අවස්ථාවේ එය නවත්වන්නැයි පොලිසියට පවසන්නට තමන් ගිය අවස්ථාවේ පොලිසිය විසින් එම ස්ථානයට ප‍්‍රහාර එල්ල කල අවස්ථාවේ ආරක්‍ෂාව සදහා එම පියවර ගත් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

පොලිසිය විසින් එම විරෝධතාවට කඳුළු ගෑස් ටැංකි අසූවක් පමණ එල්ල කළ බව ද ඔහු සඳහන් කළේය.

ස්වර්ණවාහිනි නාලිකාවේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *