විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය – carbonnews.lk

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය විසින්, විදුලිබිල සංශෝධනය කිරීමත් සමගම තමන්ගේ දීමනා සහ අනිකුත් වරප්‍රසාද ඉල්ලා සිටින බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.මෙම ඉල්ලීම් රජය මගින් ඉටු නොකළොත් දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීන්දු තීරණ වලදී ඒවාට අවනත නොවන බවයි මේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් ලිපියක් මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා ඇත්තේ.රාජ්‍ය සේවය යනු පවතින රාජ්‍ය ව්‍යුහයේ බල අධිකාරියට යටත් සේවාවක් මිස ඉන් ස්වායත්තව කටයුතු කලහැකි කලාපයක තියෙන්නක් නොවේ.

වෘත්තීය සමිති විසින් සිදුකරමින් පවතින්නේ මෙම රාජ්‍ය අධිකාරියෙන් රාජ්‍ය සේවය මුදාගැනීමනම්, එය කෙසේවත් ඉටුකරගැනීමට ඉඩ නොතිබිය යුත්තක්.

ලෝකයේ කිසිම රටක රාජ්‍ය සේවය, රාජ්‍යයෙන් ස්වායත්තව වැඩෙන්නට හෝ තීරනගැනීමට ඉඩ සලසා දෙන්නේ නෑ. රාජ්‍ය විසින් එහි පුරවැසියන්ට සිය සේවා සැපයීම රාජ්‍ය සේවය හරහා සිදුකරන බැවින්, එම සේවාවන් වල ගුණාත්මක හෝ ප්‍රමානාත්මකබාවය පිළිබඳව රාජ්‍ය මෙහෙයවන දේශපාලනඥයින් රටට වගකිව යුතුයි.

රටක් වශයෙන් මුහුණ දෙන මෙවැනි ආර්ථික අර්බුදයක් මැද, තමන්ගේ සුඛවිහරනය පිනිස සිය වෘත්තීය තත්ත්වය භාවිතා කරන්නේනම් එවැනි රාජ්‍ය සේවකයින් පිළිබඳව රජය තීරණයක් ගතයුතු වනවා.

(carbonnews.lk)

 

https://www.facebook.com/watch/?v=726417539193660

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *