ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කාලෝචිත , විධිමත් ක්‍රමයක් අවශ්‍යයි – මුල්‍ය අරමුලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලෝචිත සහ විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ණය හිමි රටවල් පොදු එකඟත්වයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පසුගිය දින කිහිපයේ පැවති ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව එතුමිය මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ප්‍රතිව්යුහගත කිරීමේ ප්‍රශ්නය ගැන සාකච්ඡා සිදු වූ අතර ඉන්දියාව , චීනය, ජපානය , බටහිර රටවල් ඇතුළු ණය හිමියෝ එම සාකච්ඡා සඳහා සහභාගී වී සිටියහ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පොදු එකඟත්වයකට චීනය දක්වන විරෝධය මෙහි දී අනෙක් රටවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂතුමිය ඉහත ප්‍රකාශය කළේ එම සාකච්ඡාවලින් අනතුරුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *