මුදල් කමිටුවෙන් මයන්ත ඉල්ලා අස්වන බව මද්දුම බණ්ඩාර කියයි !

 

පාර් ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තීරණය කර ඇති බව සජබ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා පවසා ඇත්තේ  මයන්ත දිසානායක තමාට ඒ බව දැනුම්දුන් බවයි.

මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීම සඳහා මයන්ත දිසානායක තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  වෙත ලිඛිතව දැනුම් දිය යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *