ඡන්දය ගැන ඉදිරි තීරණ නව මැතිවරණ කොමිසමකින්

 

පළාත් පාලන ඡන්දය ගැන තීරණ ගැනීම ව්‍යවස්ථානුකුලව පත්වෙන නව මැතිවරණ කොමිසමකට පැවරිය යුතු බව වත්මන් මැතිවරණ කොමිසමේ බහුතර මතය වී ඇතයි ද, ඉදිරිතීරන ගැනීම මාර්තු 3 දක්වා කල් තබන ලද්දේ එම අරමුණින් බවත්, තතු දත් දේශපාලන අංශ කියයි.

නව මැතිවරණ කොමිසන් සභාව ඇතුළු ස්වාධින කොමිසන් සභා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නාම යෝජනා කැඳවා ඇති අතර අවශ්‍ය තෝරාගැනීම් සිදු කරමින් පවතියි. එම පත් වීම් ලබන සතියේ සිදුවනු ඇතැයි කියති.

නව මැතිවරණ කොමිසමක් ලබන සතියේ පත්කරන බව දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් 21 දා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග වත්මන් මැතිවරණ කොමිසම අහෝසි වී ය. ඉන් පසුව එයට පැවරී තිබුණේ වැඩ ආවරණය කිරීමේ බලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *