ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණය සිවිල් ජනතාවගේ ජයග‍්‍රහණයක් – රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන

පහුගිය දවස්වල මහාචාර්ය සරත් විජේසූරිය පණ්ඩිත කතා ටිකක් කිව්වා, ආණ්ඩුව කරගෙන යන්න  ඕන විදිහගැන. ඇමතිවරු අස්කරන එක ගැන, ඒ වගේම සමහර නිලධාරින් ඒ ඒ තැන්වල තියාගන්න එපා කියල විවිධ අවස්ථාවල කව්ව. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, සී.යි.ඞී. එකට, එෆ්.සී.අයි.ඩි. එකට සහ අල්ලස් කොමිෂන් සභාවට දැඩිලෙස පහරදීල කතා කෙරුවට පස්සෙ අපි පුරවැසි බලය රැුසවීමක් තියපු වෙලාවෙ සරත් විජේසූරිය මහත්තය කිව්ව යුදහමුදා බුද්ධි අංශ ප‍්‍රධානියාව ඒ ධූරයෙන් අයින් කරන්න කියල. එහෙම කිවවම ලංකාවෙ ඉන්න ජාතික වාදීන්, ජාතීවාදීන් ඔක්කොම සහ ජාතිවාදී පත්තර සේරම භූමිතෙල් ඇෙ`ග් ගෑවුනා වගේ කතාකරන්න පටන් ගත්තා. ‘සරත් විජේසූරිය කොහොමද හමුදාව වෙනස් කරන්න කතා කරන්නෙ? හමුදා නිලධාරීන් වෙනස් කරන්න සරත් විජේසූරියට තියෙන අයිතිය මොකක්ද?’ කියල. මේ රැුස්වීම පටන් ගන්න ටිකකට ඉස්සර වෙලා එස්.එම්.එස්. ඇලට් එකක් එනවා ඒ නිලධාරියව අයින් කරල වෙන නිලධාරියෙක්ව පත්කරල කියල.  සිවිල් සමාජය ගැන ප‍්‍රශ්න කරන අයට, සිවිල් සමාජයට පහර ගහන අයට කියන්න තියෙන්නෙ අපි කියන දේ අනුව තවමත් බලපෑමක් මේ සමාජයේ කරන්න පුලූවන් කියන එක.
‘සලේ’ කියන්නේ යුද හමුදා බුද්ධි අංශයෙ හිටපු ප‍්‍රධානියා. පදීප් එක්නැලිගොඩව කොළඹදි පැහැරගෙන, යුද හමුදා බුද්ධි අංශය විසින් ගරිතලේ හමුදා බුද්ධි අංශයේ කඳවුරකට ගෙනිහිල්ලා, ඒකේ තියාගෙන ප‍්‍රශ්න කරල. ඒ ප‍්‍රශ්න කරපු දේවල්වලින් එකක් තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ පවුල පදනම් කරගෙන ප‍්‍රගීත් ඇඳපු පවුල් ගහ පොත ගැන, අනික තමයි රාජපක්‍ෂවරුන්ට විරුද්ධව ලියපු විරිඳු පන්තිය ගැන.  ඒ ගැන ප‍්‍රශ්න කරල ඔහුව ගේනවා ගිරිතලේ කඳවුරෙන් එළියට. එහෙම අරගෙන ගියා ගියාමයි ප‍්‍රගීත් එක්නැලිගොඩ තවමත් නෑ. ප‍්‍රගීත් එක්නැලිගොඩගෙ බිරිඳ සක්ධ්‍යා මේ ගැන සමාජයේ මතයක් ඇති කරන්න ලෑස්තිවුනාම, ආණ්ඩුව කිව්වෙ ප‍්‍රගීත් ඉන්නෙ ප‍්‍රංශයේ ඉන්නව කියල. නැත්නම් රටෙන් හොරෙන් පැනල ගිහිල්ල කියල. දෙයියො තමයි දන්නෙ කියලත් කව්ව. ඒවා තමයි ලැබිච්ච උත්තර. ඒ වගේ බූරු උත්තර තමයි ලැබුනෙ.
දැන් මේ ආණ්ඩුව පත්වුණාට පස්සෙ අපිට දැනගන්න ලැබිල තියෙනව ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකක්ද වුනේ කියල. තාමත් ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වුනේ කොහොමද කියන එක. ඒ අය ප‍්‍රගීත්ව එක්ක ගිහිල්ලා ආපහු ආවෙ නැත්නම් ප‍්‍රගීත්ට මොකද කෙරුවෙ? මේ අය ඒක පැහැදිලි කරන්නෙ නෑ. අත් අඩංගුවෙ හිටියත් පැහැදිලි කරන්නෙ නෑ. ඒ වෙනුවට ඒ මහත්වරුන්ගෙ නොනල, මහින්ද රාජපක්‍ෂ මහත්තය පිටිපස්සෙ යන එක් එක් ආකාරයේ නීතිඥවරු උපයෝගිකරගෙන මාධ්‍ය ප‍්‍රකාශ තුළින් කියනව මේ ඇතුළෙ ඉන්න අයට බලහත් කාරයෙන් තර්ජනය කරනව කියල ‘‘උත්සන් යන්න කිව්වෙ ගෝඨාභය රාජපක්‍ෂ’’ කියල කියන්න කියල. ඒගොල්ලන්ව නිදහස් කරන කියල අමුලික බොරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියනව.
මේ නඩුව හෝමාගම අධිකරණයේ විභාග වෙනකොට, ගිරිතලේ කඳවුරෙන් එළියට ගෙනිච්ච හමුදා වාහන ගැන පොත්වල ඇති සටහන් එළි වෙනව. ඒ වාහනවලට ප්‍රෙට්ට‍්‍රල් ගහපු තැන්, මේ වාහන කොහෙද ගියේ? යන තොරතුරු ඉල්ලූවා සී.අයි.ඞී. එකෙන්. හමුදාව කිව්වා, සී.අයි.ඞී. එකට එහෙම තොරතුරු දෙන්න පුලූවන්කමක් නෑ කියල. දිගින් දිගටම මේ තොරතුරු ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරීම නිසා තමයි මාස 16ක් මේ පුද්ගලයන් රිමාඞ්බාරයේ තියාගෙන ඉන්න සිද්ධ වුනේ. ඒ තොරතුරු යුද හමුදාවෙන් දීපු නැති නිසා ඒක වෙලාවක හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට සිද්ධ වෙනව නියම කරන්න, නැත්නම් යම්කිසි ආකාරයක අවවාද කිරීමක් කරන්න. ‘යුදහමුදාව මේ තොරතුරු ප‍්‍රමාණවත් විදිහට සී.අයි.ඞී. එකට දුන්නෙ නැත්නම් යුද හමුදාපතිවරයව පවා අත්අඩංගුවට ගන්න නියම කරන්න මට සිද්ධ වෙනව’ කියල. ඒ නිසා තමයි යම් තොරතුරු ප‍්‍රමාණයක් ඊට පස්සෙ දුන්නෙ. මේ තොරතුරු දීම පිළිබඳව වගකීම තිබුණෙ, අද ධූරයෙන් අයින් කරපු ‘සලේ’ට. සලේ ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න උසාවියට එන්න කියපුවහම සලේ  උසාවියට ගියේ පෞද්ගලික නීතිඥවරයෙක් එක්ක. අපි දන්නව රජයේ සේවකයෙක් තමන්ට උසාවියකින් කතාකරල එහෙම එන්න කිියනව නම්, ඒ පුද්ගලයට උසාවියට යන්න නීතිඥවරයෙක්  ඕන නම්, එයා යන්න  ඕන  නීතිපති දෙපාර්තමේන්තුවෙ නීතිඥයෙක් එක්ක. ඒකයි සාමාන්‍ය ක‍්‍රමය. නමුත් නමුත් මොන හේතුවකට හරි මේ මහත්මයා ගියේ පෞද්ගලික නීතිඥවරයෙක් අල්ලෙගෙන. නීතිපති දෙපාර්තමේන්තුවෙ නීතිඥ මහත්වරු අහනව, ‘ඇයි අපිට කතා කරන්නෙ නැත්තෙ උසාවියට යන්න? කියල. එතකොට මොකක්හරි මෙතන ප‍්‍රශ්නයක් තියනව කියල පැහැදිලියි. මේ විදිහට තොරතුරු දීම ප‍්‍රමාද කරපු සලේ ව තමයි අයින් කළේ. ඒ නිසා සරත් විජේසූරිය කියපු දේ දැන් අපේ ඇස්පනාපිට ඉෂ්ට වෙලා තියෙනව. ඒක තමයි සිවිල් සමාජයේ බලය. ඒ බලය වැදගත් දෙයක්.
ජනාධිපතිතුමා එෆ්.සී.අයි.ඞී. එක ගැන විවේචනය කෙරුවට පස්සෙ අපි පුරවැසි බලය හැටියට මාධ්‍ය හමුවක් තියල පුරවැසියන් හැටියට අපේ අදහස ඉතා පැහැදිලි ලෙස නිර්භයව කිව්ව. එතකොට ජනාධිපතිතුමා කිව්ව සිවිල් සමාජයේ කට්ටිය හරියට මොන්ටිසෝරි කට්ටියක් වගේ මගෙන් මොකුත් අහන්නෙ නැතුව එකපාරටම කඩාගෙන ගහිල්ල මාධ්‍ය හමු තිබ්බා කියල. නමුත් ජනාධිපතිතුමා එහෙම කියනකොට සිවිල් සමාජය ගැන අලූතෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවෙලා තියෙනව. ‘සිවිල් සමාජයක් කියල එකක් තියෙනවද? සිවිල් සමාජය කවුද? මේ කෑගහන කට්ටියද සවිල් සමාජය කියල කියන්නෙ? එයාලට අයිතියක් තියෙනවද සිවිල් සමාජය හැටියට පෙනී ඉන්න? එයාලට අයිතියක් තියෙනවද රට කරන්නෙ මෙහෙමයි කියල කියන්න?’ වගේ මහා විශාල සාකච්ඡුාවක් ඇතිවෙලා තියෙනව. ආචාර්ය දයාන් ජයතිලක ගිය සුමානෙ රිවිර පත්තරේ දාර්ශනික විග‍්‍රහයක් කරල තියෙනව. උන්නැහැ කියනව සිවිල් සමාජය නෙමෙයිලූ මහින්ද රාජපක්‍ෂව පරාජය කෙරුවෙ.
එතුමා කියනව කාරණා තුනක්. ඒ කාරණා තුන නිසා තමයි මහින්ද රාජපක්‍ෂ පරාජය වුනේ කියල කියනව. පළවෙනි එක තමයි අලූත්ගම ඇතිවෙච්ච සිද්ධියෙදි මුස්ලිම් ජනතාව රාජපක්‍ෂ එක්ක තරහ වුණා. ඒ සිද්ධිය ඔහේ වෙන්න ඉඩ දීලා රාජපක්‍ෂ මහත්තය නිකම් හිටිය නිසා තමයි පරාජය වුනේ කියල. දෙවෙනි එක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැති නොකරපු නිසා තමයි පරාජය වුනේ කියල. අනික රතුපස්වල වෙඩි තැබීම. ඔය තමයි දයාන් ජයතිලක ඇදුරුතුමා මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ පරාජය ගැන කියන කරුණු තුන. අපිට ඒකට හතරවෙනි කරුණකුත් එකතු කරන්න පුලූවන්. ඒ කරුණ තමයි, ‘දයාන් ජයතිලක වැනි අය උපදෙස් දීම නිසා තමයි මහින්ද රාජපක්‍ෂ පරාජය වුණේ’ කියල. ඒක තමයි අපිට පේන හතරවෙනි කරුණ.
රතුපස්වල මිනිසුන්ට වෙඩි තිබ්බම කොහොමද ඒකට සවිල් සමාජය සම්බන්ධ වෙන්නෙ? අපි කවුරුවත් රතුපස්වල මිනිස්සු නෙමෙයි. අපි කවුරුත් රතුපස්වල පෙලපාළි ගිහිල්ල වෙඩි කෑවෙ නෑ. කඳුළු ගෑස් ප‍්‍රහාරයට ලක්වුනේ නෑ. හමුදා ප‍්‍රහාරයට ලක්වුනේ නෑ. නමුත් රතුපස්වල සිද්ධිය වුන තත්ත්පරේ ඉඳල, ටී.වී. ලින් අපිට ඒක පේනකොට රටේ හතරදිග්භාගෙ ඉන්න මිනිස්සුන්ගෙ හදවත කකියන්න පටන්ගත්ත. ‘වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියනව නම් මොකක්ද මේ ආණ්ඩුව, මොකක්ද මේ රජ්ජුරුවො කියන පුද්ගලයගෙ තරම’ කියන එක ගැන අපි කාගෙත් හිතේ කණගාටුවක්, කම්පාවක්, තරහක්, භීතියක් හටගත්ත. එක රතුපස්වල මිනිස්සුන්ගෙ හිත්වල විතරක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මුලූ රටේම සිද්ධවෙච්ච දෙයක්. අලූත්ගම මුස්ලිම් මිනිස්සුන්ගෙ කඩ සාප්පු ගිනි තියල, ඒ මිනිස්සුන්ගෙ දේපල විනාශ කරල, බොදු බල සේනාවෙ මැරයො ගිහිල්ලා ඒ මිනිස්සුන්ට විශාල හානියක් කරන කොට ඒකට තරහ ඇතිවුනේ අලූත්ගම හිටපු මුස්ලිම් මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි, කොළඹ,ගාල්ලෙ, අනුරාධපුරේ හිටපු මුස්ලිම්, සිංහල, දෙමළ හැම මිනිහගෙම හිත කම්පාවෙන්න පටන් ගත්ත. තරහෙන් කකියන්න පටන්ගත්ත. ඒක තමයි  සවිල් සමාජය. ඒ විතරක් නෙමෙයි ඒ හානියට පත්වෙච්ච මිනිස්සුන්ට රිදෙනකොට, වටේ පිටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට රිදෙනව නම් ඒකට තමයි කියන්නෙ සහකම්පනය කියල. ඒ මිනිස්සුන්ට රිදෙනකොට අපිටත් රිදෙනව. ඒක නිසා තමයි අපි ඔක්කොම එකතු වෙලා මහින්ද රාජපක්‍ෂව පරාජය කෙරුවෙ. දයාන් ජයතිලක සිවිල් සමාජය පරාජය කළේ නෑ කියන කරුණ ඇතුළෙම තියෙනව සිවිල් සමාජය එකතුවෙලා මහින්ද රාජපක්‍ෂව පරාජය කෙරුවෙ කොහොමද කියල.
2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට අපි කල්පනා කෙරුවා, මේ රටේ සිවිල් සමාජයේ මිනිස්සු, පුරවැසියො 2015 දී අපිට ලැබිච්ච ජනාධිපතිවරණය ගැන හිතන්න ඉස්සර වෙලා 2017 දි ජනාධිපතිවරණය ලැබෙනව කියල අපි කල්පනා කරපු වෙලාවෙ පවා ඒ ජනාධිපතිවරණය කොහොමද ජයග‍්‍රහණය කරන්නෙ කියන එක ගැන සැලසුම් හදමින් හිටිය. ඒ වගේම ඒ ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ රටේ ක‍්‍රමය වෙනස් කරන්නෙ කොහොමද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ කොහොමද? කියන දේවල් අවුරුදු ගණනක් මිනිස්සු ටික ටික එකතුවෙලා සාකච්ඡුා කෙරුව. රාජ්‍ය නොවන සංවිධානවල වියත්තු, සාමාන්‍ය සමාජයේ ඉන්න දැනුමක් තියෙන මිනිස්සු, කෝට්ටේ නාගවිහාරයේ          රැුස්වෙච්ච සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සෝභිත හාමුදුරුවන්ගෙ නායකත්වයෙන් කොහොමද මේ සමාජය වෙනස් කරන්නෙ කියල දිගින් දිගටම කතා කෙරුව. සංවාද කෙරුව. ආණ්ඩුක‍්‍රම කෙටුපත්පවා හැදුව. නමුත් අපේ තිබුණු එකම එක එක`ගතාව තමයි, මේ ජයග‍්‍රහණය සඳහා අපි සියලූ දෙනාටම එක`ග වෙන්න පුලූවන් පොදු න්‍යාය පත‍්‍රයක් අවශ්‍යයි, පොදු අපේක්‍ෂකයෙක් අවශ්‍යයි. පක්‍ෂයක අපේක්‍ෂකයෙක්ගෙන් මේ ජයග‍්‍රහණය ලබාගන්න බැරිබව අපිට ගණන් හදල බලපුවාම තේරුණා. අපි කල්පනා කෙරුව පොදු අපේක්‍ෂකයෙක් එක්ක එකට වැඩ කරන්න  ඕන කියල. ඒ පොදු අපේක්‍ෂකයා, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා 2014 නොවැම්බර් මාසෙ 26 වෙනිදා එළියට එනව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්. හැබැයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් එළියට ආව නිසා නෙමෙයි 2015 ජනවාරි 8 වෙනිදා අපි ජයග‍්‍රහණය කෙරුවෙ. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් එළියට එන්නේ, එකම පාක්‍ෂිකයෙක්වත් එතුමා පස්සෙන් නැතුව. ඒ වගේම එතුමට උදව් කරන්න එක හිතින් එකතුවෙනව, තමන් ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න  ඕන කියල හිතාගෙන හිටපු රනිල් වික‍්‍රමසිංහ මහත්තය ඉතාම නිර්ලෝභිව කියනව, ‘මම පොදු අපේක්‍ෂකයට සම්පූර්ණ සහය දෙනව මේ ජයග‍්‍රහණය කරා යන්න’ කියල. ඒක වැදගත් පරිත්‍යාගයක්. ඒ බලවේගයත් එකතු වුණා. ඒ වගේම ඊට ඉස්සර සිටම වැඩපිළිවෙලේ හිටපු අතුරලියේ රතන හාමුදුරුව ප‍්‍රමුඛ ඒ බලවේගයත් එකට වුනා. ජනතා විමුක්ති පෙරමුණත් එක පැත්තකින්  එකතුවුනා. ඒ වගේම එකතුවුනා දෙමළ ජාතික ජාතික සංවිධානය. ඒ වගේම ප‍්‍රගතිශීලි දේශපාලන පක්‍ෂ එකතු වුණා. නමුත් ඒ සියලූ දේශපාලන පක්‍ෂ එකතු වුණත් මේ ඉලක්කය ජයගන්නඑක ඒ තරම් පහසු දෙයක් නොවන බව අපි දැනගෙන හිටිය.
ඒ නිසා මේ රටේ සාමාන්‍ය මිනිස්සු, රතුපස්වල සිද්ධියෙන් කම්පාවට පත්වෙච්ච මිනිස්සු, අලූත්ගම සිද්ධියෙන් කම්පාවට පත්වෙච්ච මිනිස්සු, කටුණායක සිද්ධියෙන් කම්පාවට පත්වෙච්ච මිනිස්සු විතරක් නෙමෙයි, මේ මහින්ද රාජපක්‍ෂ රජුගේ වහලූන් අකමැති වෙන්න අකමැති මිනිස්සු  මේ සේරම එකට එකතු වුන නිසා තමයි අපිට මේ ජයග‍්‍රහණය ලබාගන්න ුපලූවන් වුනේ. ඒ ජයග‍්‍රහණයෙන් එක්සත් ජාතික පක්‍ෂය වෙන්කරන්න බෑ. ඒ ජයග‍්‍රහණයෙන් දෙමළ ජාතික සංවිධානය වෙන්කරන්න බෑ. ඒ ජයග‍්‍රණයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙන්කරන්න බෑ වගේම ඒ ජයග‍්‍රහණයෙන් සිවිල් සමාජය වෙන්කරන්නත් බෑ. අපි ඔක්කොම එකතුවෙලත් වැඩිපුර ලබාගන්න පුලූවන් වුනේ ඡුන්ද ලක්‍ෂ 4ක් පමණයි. ඒ ලක්‍ෂ 4න් ලක්‍ෂ 2ක් එහා මෙහා වුනානම් එහෙම ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණ. ඒ නිසා මේ රටේ සාම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂ වලට අමතරව මේ සිවිල් සමාජයේ සාමාන්‍ය මිනිස්සු එක්කතු වෙලා ජයග‍්‍රහණට පුරා උර දීල, තමන්ගේ ජීවිතේ අනතුරේ දාලා කරපු කැපවීම නිසා තමයි අපි ජනවාරි 8 වෙනිදා ජයග‍්‍රහණය කරන්නෙ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *