අද අවශ්‍ය ඡන්දයද? ආර්ථිකයද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දය එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කර ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මීට පෙර පැවති අවසන් මැතිවරණය වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සිදුවීම් මගේ මතකයට නැගේ. එම වසරේ මාර්තු මස 19 වැනි දින නාමයෝජනා භාර ගෙන අප්‍රේල් මස 25 වැනි දින මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ඊට පෙර නිවේදනය කළේය.

ඒ අනුව මාර්තු මස 19 වැනි දින දවල් 12ට නාම යෝජනා භාර ගැනීම අවසන් විය. මැතිවරණ කොමිසම එදින මැතිවරණ දිනය පිළිබඳ කළ ප්‍රකාශයෙන් රටේ සියලු‍ දෙනා විශ්මයට පත් වූයේ යැයි සිතමි. කොමිසම නිවේදනය කළේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නොහැකි බවත් එය දින නියමයක් නොමැතිව කල් තබන බවත්ය.

රටේ ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. රජයේ මුදල් පිළිබඳව පාලනය සහ වගකීම පැවරී ඇත්තේ ද පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සහ අලු‍තින් පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වී ඇත. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයක් කල් දැමිය හැකි ආකාරයක් පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් නොවේ.

පාර්ලිමේන්තුව විසිරුවා හළ විට රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අක්‍රිය වන අතර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමූ විට රටේ නීති පැනවීමේ ක්‍රියාවලිය අඩපණ වේ. එසේ වුවද එම අවස්ථාවේ මැතිවරණ කොමිසම මැතිවරණය කල් තැබීමට තීරණය කළේය. විපක්ෂය ඉල්ලා සිටියේ මැතිවරණය කල් තබන ලෙසයි. ඒ නිසා අද මෙන් උද්ඝෝෂණ පැවැත් වූයේ නැත. කිසිවෙක් පාරට බැස්සේ ද නැත.

ඉන් පසු මැතිවරණ කොමිසම අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය ජූනි මස 20 වැනි දින පවත්වන බව නිවේදනය කළේය. එහෙත් ජූනි මස 10 වැනි දින නැවතත් නිවේදනය කළේ ජූනි මස 20 වැනි දින මැතිවරණය නොපැවැත්වෙන බවත් එය අගෝස්තු මස 05 වැනි දින පැවැත්වෙන බවත්ය.

අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබූ මැතිවරණය අගෝස්තු මස 05 වැනි දින දක්වා මාස තුනකුත් දින 10කින් කල් දමනු ලැබුයේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කරමිනි. රටේ ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක නොවන බැවින් එක්තරා ආකාරයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවූ අරාජික කාල පරිච්ඡේදයකට රට ඇද වැටුණ ද රටේ පැවති විශාල අර්බුදය හමුවේ එවැනි පියවරක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළා විය හැකිය.

කෝවිඩ් අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඇති වූ දරුණුම අර්බුදයට දැන් මුහුණ දෙමින් සිටී. ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම අත්හිටුවන බව රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එය සැලකෙන්නේ එක්තරා ආකාරයකට රට බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් වශයෙනි. රජය සඳහන් කරන්නේ දැනට රජයට ලැබෙන ආදායම යොදවනු ලබන්නේ වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීම සහ අනෙකුත් සුබසාධන කටයුතු සඳහා පමණක් බවයි. එම කටයුතු පවත්වාගෙන යෑමට වුවද ලැබෙන ආදායම ප්‍රමාණවත් නැත. එනිසා මැතිවරණයට අවශ්‍ය වියදම් ලබාදීමට හැකියාවක් නොමැති බව රජය විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇත.

මැතිවරණ මගින් ව්‍යවස්ථාදායකයට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. එම අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන ප්‍රධානතම අවස්ථාවක් වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. රටක ඇති වන විශේෂිත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය වුවද කල්තැබීමට සිදු වන බව 2020 පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට සිදුවීම මගින් පැහැදිලි වේ. වරින් වර රජය විසින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් තබා ඇති බව ඒ පිළිබඳ ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පළාත් සභා මැතිවරණය කල් තබා දැනට වසර 05කට ආසන්න කාලයක් ගත වී ඇත.

රටක ඇති වන විශේෂිත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය වුවද කල්තැබීමට සිදු වන බව 2020 පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට සිදුවීම මගින් පැහැදිලි වේ. වරින් වර රජය විසින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් තබා ඇති බව ඒ පිළිබඳ ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පළාත් සභා මැතිවරණය කල් තබා දැනට වසර 05කට ආසන්න කාලයක් ගත වී ඇත.

එසේ වුවද ඒ පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට නැත. පළාත් පාලන ආයතන මැතිවරණය කල් තැබීම මගින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වන බව ප්‍රකාශ කරන්නේ නම් එය පළාත් සභා වැනි ආයතනවලට ද අදාළ විය යුතුය. පළාත් සභා මැතිවරණය කල් තැබීමට අදාළ විධි විධාන පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට අද පළාත් පාලන ආයතන මැතිවරණය කල් තැබීමට එරෙහි වන බොහෝ පක්ෂවල සහාය ලැබුණු බව මහජනතාවට අමතක වී නැතැයි සිතමි.

මැතිවරණ වියදම් සඳහා මුදල් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමූවහොත් ඉන් පසු ඒ හේතුව මතම පාර්ලිමේන්තු මැතිවරණ හෝ ජනාධිපතිවරණ වුව ද කල් දැමීමට ඉඩ ඇතැයි ඇතැම් අය විසින් ප්‍රකාශ කර ඇති බව මාධ්‍යවල වාර්තා විය.

කොරෝනාව ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් රටවල් ද මුහුණ දුන් විශේෂිත තත්ත්වයක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහ මැතිවරණය කල් දැමීමක් පිළිබඳව සඳහන් නොවූව ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීමට මැතිවරණ කොමිසමට සිදු විය. විදේශ ණය ගෙවීමට නොහැකිව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීම රටකට මුහුණ දීමට සිදුවන ඉතා අවාසනාවන්ත සහ විශේෂිත තත්ත්වයකි. එවැනි තත්ත්වයක් හැමදාම පවතිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එවැනි විශේෂ හේතු නොමැතිව වුව ද පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දමා ඇති රටක මුදල් ලබා නොදීම මගින් අනෙකුත් මැතිවරණ වුව ද කල්දැමිය හැකියැයි ප්‍රකාශ කිරීම කොතරම් දුරකට තාර්කික ද යන්න විමසා බැලිය යුතුව ඇත.

රට ආර්ථික බංකොළොත්භාවයෙන් මුදාගෙන අඩුම තරමින් රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතය යථා තත්ත්වයට පත් කර ගත හැකි වන තුරු ආර්ථික කටයුතු සඳහා ප්‍රමුඛතාවක් ලබා නොදීම කනගාටුවට කරුණකි. රටේ ජනතාවට කිසියම් ආකාරයක අස්වැසිල්ලක් ලැබිය හැකි ආකාරයට ආර්ථික කටයුතුවල ප්‍රගතියක් අත්කර ගැනීමට සමහර ආර්ථික අංශවලට හැකියාව ලැබී ඇත.

රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. රටට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාස කිහිපය තිස්සේම වර්ධනය වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම ණය වාරිකය ලබන මස නිකුත් කිරීමට හැකිවන ආකාරයේ පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. ප්‍රධාන ණය පාර්ශ්වකරුවකු වන චීනය කවර ස්ථාවරයක් දරුවද එය නොතකා හැර ණය ලබා දීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරමින් සිටින බව වාර්තා විය.

ඒ අතරම විටින් විට වෙනස්වන ආර්ථික තත්ත්වයන්ට අනුකූලව ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව ද බැහැර කළ නොහැකිය. මහ කන්නයේ වී අස්වැන්න දැන් ලැබෙමින් පවතී. මෙවර වාර්තාගත අස්වැන්නක් ලැබෙනු ඇතැයි ද බොහෝ කලකට පසු මෙවර රටේ සහල් අතිරික්තයක් ඇතිවේ යැයි ද අපේක්ෂා කෙරේ. එහෙත් අස්වනු නෙළීමට පටන් ගැනීමත් සමග වී මිල රුපියල් 60 දක්වා පහළ වැටී ඇතැයි ගොවීන්ගෙන් පැමිණිලි ලැබුණු විට රජය රුපියල් සියයක සහතික මිලකට වී මිලදී ගැනීමට කටයුතු යෙදුවේය. ආදායම අහිමි වීම නිසා දැඩි පීඩනයකට ලක්ව ඇති අඩු ආදායම්ලාභී පවුල්වලට රජය විසින් මිලදී ගන්නා සහල් වලින් කොටසක් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබේ.

වී මිලදී ගැනීම සඳහාත් අඩු ආදායම්ලාභී පවුල්වලට මසකට සහල් කිලෝ 10 බැගින් ලබා දීම සඳහාත් රුපියල් බිලියන 20ක් පමණ වැයවේ යැයි ඇස්තමේන්තු කර ඇත. අනෙකුත් වියදම් අඩු කරන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අඩු ආදායම්ලාභී පවුල්වලට ඍජු ආධාර ලබාදීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර ආධාර ආයතන විසින් අවධාරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් රජයට වී සහතික මිල සඳහා ද දිළිඳු සහන සඳහා ද වෙන් කර ඇති මුදල ඒ සඳහා යෙදවීමට හැකි වේ.

විදුලි බිල වැඩි වීම, ආදායම් බදු වැඩි වීම ආදිය ආර්ථික අර්බුදය වෙනුවෙන් මහජනතාවට ගෙවීමට සිදුව ඇති වන්දිය වේ. මේ අවස්ථාවේ දී පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දැරීමට සිදුවන වියදමේ බර පැටවෙනු ඇත්තේ ද මහජනතාව මතය. පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය සඳහා පත් කර ඇති කොමිසමේ වාර්තාව ළඟදීම ලැබෙනු ඇත. රජය විසින් යෝජනා කර ඇති ආකාරයට එම ආයතනවල නියෝජිතයන්ගේ සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට හැකි වේ.

ඔවුන් සඳහා දරන වියදම ද අඩකින් අඩු කිරීමට අවස්ථාව සැලසේ. ඒ සඳහා ද ඉඩ ලැබෙන ආකාරයට කෙටි කලකට මැතිවරණය කල්දැමිය හැකි නිශ්චිත කාලසීමාවක් පිළිබඳව එකඟතාවකට ඒම හෝ 2020 මහ මැතිවරණයේදී සිදු කළාක් මෙන් රටට බරක් නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ දිනය වෙනස් කිරීම පිළිබඳව තීන්දුවකට ඒමට ද මැතිවරණ කොමිසමට හැකි වනු ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *