ර්හෂ කැපෙයි ; මුදල් කමිටු සභාපති මයන්ත දිසානායක

 

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පත් කරගනු ලැබ ඇත.

එහි කලින් සභාපතිව සිටියේ ආචාර් ය ර්හෂ ද සිල්වා මන්ත්‍රීවරයා ය. මෙවර ද ඔහු ම පත්කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිය ද එම තනතුර මෙවර ඔහුට ලබා දී නැත.

ස්ථාවර නියෝග අනුව මෙම තනතුරට පත් කරගත යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඒ අනුව මෙම පත්වීම අද සිදු කොට ඇත්තේ මුදල් කාරක සභාවේ රැස්වීමක දී ය.

මයන්ත දිසානායක මහතා ද සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *