පහළ කාණ්ඩවල විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියල් 1500 කට අඩුවෙන් ; ඉතිරිවන ඉටිපන්දම් වියදම 2000 කට වැඩියි – විදුලිබල ඇමැති කාංචන විජේසේකර

 

ප්‍රතිශත  ගැන කියමින් ජනතාව බියපත් කරන්නට සමහරු උත්සහ කළත්, ඒකක 120 කට අඩුවෙන් භාවිතා කරන සෑම කාණ්ඩයක ම විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියල් 1500 කට අඩු ප්‍රමාණයකින් බවත්, දිගට ම විදුලිය කැපුවා නම් දිනකට එක් ඉටිපන්දමක් දැල්වුවත් මසකට රුපියල් 2000 කට වඩා වැය වන බවත්, එම මුදල් දැන් ඉතිරිවන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් තත්ත්වය යහපත් නැති නිසා ණය දිය නොහැකි බව කියූ බැංකු ගාස්තු වැඩි කිරීමෙන් පසු දා ම ණය නිකුත් කළ බවත්, එම මුදලින් දැවිතෙල් සහ නැප්තා මිල දී ගෙන විදුලි කැපීම නැවතීමට හැකි වූ බව ද ඒ මහතා කී ය.

ඇමතිතුමා මෙම කරුණු හෙළි කළේ අත්‍යවශ්‍ය සේවා ගැන අද පවතී පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *