ඡන්ද කල් දමන්නේ නැහැ ; කල් දාන්න ඡන්දයක් කැඳවා නැහැ – ජනපති පාර් ලිමෙන්තුවට කියයි

 

ඡන්ද කල් දමන්නේ නැති බවත්, කල් දමන්නට නීත්‍යනුකුලව ඡන්දයක් කැඳවා නැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

මැතිවරණයට මුදල් ඉල්ලා එවූ ලිපිවලට අත්සන් තබා ඇත්තේ ඒ සඳහා බලය පැවරුණු තැනැත්තන් නොවන බවත්, ඒ අනුව මුදල් නිකුත් කළහොත් මුදල් දෙන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ජනාධිපතිවරයා පැවසීය.

ඡන්දය කැඳවීමට මැතිවරණ කොමිසමේ තිදෙනකු ගේ ඝන පුරණයෙන් යුතු රැස්වීමක් පැවැත්විය යුතු නමුත් කොමිසමේ සභාපති ම කියන පරිදි රැස්වීමට සහභාගී වී ඇත්තේ දෙදෙනෙකි. එමෙන් ම, කොමිසමේ නීත්‍යනුකුල නියෝග කිසිවක් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කොට නොමැත. එබැවින් කොමිසමට සහය නොදුන් බවට චෝදනා කිසිදු රාජ්‍ය නිලධාරියකුට එරෙහිව නැගිය නොහැකි ය.

ජනාධිපතිවරණයක දී , මහා මැතිවරණයක දී සහ ජනමත විචාරණයක දී ඡන්දය භාවිතා කිරීම පුරවැසි මුලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් වන බව සහ එම අයිතිය රැකීමට ආණ්ඩුව බැඳී සිටින බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

අත්‍යවශ්‍ය සේවා පිලිබඳ විවාදයට අද සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *