ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉවතට !

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවය ලබන මාසයෙන් අවසන් කරනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ මහතාගේ සේවා කාලය ලබන මාසයෙන් අවසන් වන බවත්, ඔහු සේවා දිගුවක් බලාපොරොත්තු වුවත්, එය නොලැබෙනු ඇති බවත්, එම ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතගේ කිට්ටු හිතවතෙකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහුගේ සේවය නිසි ලෙස කිරීමට අපොහොසත් වූ නිලධාරියකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තක්සේරුව වී ඇතැයි කියති.

ආරක්ෂක අංශවල ඉහළ තලයේ වෙනස්කම් රැසක් ලබන මාසයේ සිදුවීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *