බදු විරෝධයේ හුලන් බහී – සංවිධායකයෝ අවුලක

අද උද්ඝෝෂණය

නව ආදායම් බදු සංශෝධනවලට එරෙහිව “දැවැන්ත උද්ඝෝෂණයක්” ලෙස අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයට බලාපොරොත්තු වූ ජන සහභාගීත්වය නොමැති වීම නිසා එහි සංවිධායකයින් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

පෙබරවාරි 8 හයිඩ් පිටියේ රැලිය

වෘත්තීයවේදීන්ගේ මෙම සංවිධාන විසින් මෙම මස මුල සංවිධානය කළ උද්ඝෝෂණ වලට සහ පෙබරවාරි 8 දා හයිඩ් පිටියේ පැවති රැලියට පැමිණි සෙනගවත් එම සටනේ ඉදිරි පියවරක් ලෙස සංවිධානය කළ මෙම විරෝධතාවයට නොවීම ගැන සංවිධායකයෝ කලකිරීමට පත්ව සිටිති.

කෙටි රැස්වීමකින් විරෝධතාව අවසන් කළ සංවිධායකයින් කීවේ මෙය ආරම්භයක් පමණක් බව යි.

මාර්තු 1 දා වැඩ වර්ජනයක යෙදෙන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *