එජාපයේ 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

 පළාත් පාලන ඡන්දයේ දී වෙනත් පක්ෂවලට සහය පළකළ  එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය.

අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි පිලිබඳ විනය පරීක්ෂණ වලින් පසුව මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

මොවුන්ගේ සභික  ධුර වහ ම අහෝසි කර නව සභිකයින් පත් කිරීමට ද කටයුතු කරන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *