මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න අනුරට සහ සජිත්ට ජනපතිගෙන් ආරාධනාවක්

අනුරට සහ සජිත්ට ජනපතිගෙන් ආරාධනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය.

වැටුණු වලෙන් ගොඩ යන්න තියෙන්නේ එක මාර්ගයක් පමණක් බවත්, ඒ අයි එම් එෆ් මාවත පමණක් බවත් කී ජනාධිපතිතුමා වෙනත් මාවතක් ඇත්නම් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් කී ය.

ආර්ථිකයත් එක්ක සෙල්ලම් නොකරන ලෙසත්, දේශපාලන සෙල්ලම් කළ කාලය අවසන් බවත් කී ජනාධිපතුතුමා වැඩි දුරටත් කීවේ කිසිවෙක් වගකීම් භාර නොගත් නිසා තමන් රට බේරා ගැනීමේ වගකීම භාරගත් බව සහ බැනුම් අහන බව යි. තමන් වගකීම භාර ගත්තේ බැනුම් අහන්න වෙන බව දැනගෙන බව ද ඒ මනත කී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *