පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිට

 

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

(යොහාන් භාසුර)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *