පළාත් පාලන මැතිවරණය තියන්න ප්‍රමාණවත් පහසුකම් නෑ – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවද මැතිවරණ කොමිසම එමගින් දන්වා ඇත.
මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබුණි. එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම 22 දා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් මේ වන විට එය දින නියමයක් නැතිව කල් දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *