ඩොලර් හිගය අවසන් – මහ බැංකු අධිපති

 

රටට අත්‍යවශ්‍ය ආනයන කිරීමට ඩොලර් සපයාගැනීමට නොහැකි වීමේ අර්බුදය මේ වන විට අවසන්වී ඇති බව මහ බැංකු අධිඅපති නන්දලාල වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ මේ වනවිට බැංකු ක්‍රමය මගින් අවශ්‍ය තරම් ඩොලර් ලබා දීමේ හැකියාව ලැබී ඇති බවයි.

එබැවින් මහ බැංකුවේ දොලය සංචිත මේ වන විට වැඩිවී ඇති බව කියන ඒ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමග සංචිත තවත් වැඩි කර ගත හැකි වන බව ද කියයි.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *