නව ව්‍යවස්ථාවට අදාළ කොමිටි වාර්තා සති දෙකකින්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද ව්‍යවස්ථා සභාව විසින් නම් කෙරුණු කොමිටි 6 වාර්තාව, මේ වන විට මෙහෙයුම් මණ්ඩලයට භාර දී ඇති බව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තා වේ.
වැඩිදුරටත් දැනගැනීමට ඇති ආකාරයට ඉදිරි සති 2 ඇතුලත මෙම වාර්තා 6 ප්‍රසිද්ධ කිරීමට නියමිතය. කෙටි මහජන සංවාදයකින් අනතුරුව නව ව්‍යවස්ථාව, මෙහෙයුම් මණ්ඩලයේ අධික්ෂණය යටතේ කෙටුම්පත් කිරීම මී ළග පියවර බව දැනගන්නට තිබේ. පසුව එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර 2/3 අනුමැතිය ලබාගෙන ජනමත විචාරණයට ලක්කිරීම බහුතරයේ මතය බව දැනගන්නට ඇත.
තවත් ආරංචි මාර්ගවලට අනුව ජනමත විචාරණයකට නොගොස් ව්‍යවස්ථාවේ කිසියම් වෙසක් ඇතිකරගැනීමට ශ්‍රිලනිපයේ ඇතැම් අය උත්සහගනිමින් සිටින බව ද කියැවේ. 19 වෙනි සංශෝධනයෙන් අනතුරුව ජනමත විචාරණයකට නොගොස් කළ හැකි සියලු සංශෝධන කර අවසන් බව ආණ්ඩුක්‍රම සම්පාදකයින්ගේ මතය වී ඇත. එහෙයින් ජනමත විචාරණයකට නොයන්නේ නම් ව්‍යවස්ථා වෙනසක් ගැන බලාපොරොත්තු අත්හැරීමට සිදුවන බව ඔවුන්ගේ අදහස ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *